ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්_ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්වභාවික සම්පත් සහ පරිසරය කළමනාකරණය කිරීම යුගයේ අවශ්‍යතාවයක් වේ. එබැවින් පරිසරය අනාගතය උදෙසා තිරසාර ලෙස සැලසුම් කිරීමේ ඒකාබද්ධ ප‍්‍රවේශය තහවුරු කිරීම අප සතු ප්‍රමුඛතම කර්යයක් ලෙස අපි හඳුනාගෙන සිටිමු.
ප්‍රජා සහභාගිත්ව තිරසර සංකල්පයන් ප්‍රවර්ධනය කිරීම, පාරිසරික අධ්‍යාපන මෙන්ම ආකල්පමය වෙනසක් තුලින් තිරසාර අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අපේක්ෂාව වේ. කෙටිකාලීන සහ දිගු කාලීන සැලසුම් සහ ප්‍රවේශයන් සහතික කිරීම නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතර ජාතික පරිසර ප්‍රතිපත්තිය තුළින් එය තවදුරටත් අවධාරණය කර ඇත.
ආර්ථික සංවර්ධන සහ පරිසරය අතර සමතුලිතාව රැකගනිමින් ස්වාභාවික සම්පත් සහ පරිසරය කළමනාකරණය කිරීමේදී හා සැලසුම් කිරීමේ දී ඒකාබද්ධ කරගත් ප්‍රවේශයක් අවශ්‍ය වේ. සැලසුම් කිරීමේ දී රාජ්‍ය යාන්ත්‍රණය, සිවිල් සංවිධාන සහ ප්‍රජාව වර්තමානයේ මුහුණ පා ඇති දේශීය සහ ගෝලීය පාරිසරික අභියෝගයන් ජය ගැනීමට මෙම සාමුහික ප්‍රයත්නය මගින් හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාසය කරමු.
සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසර දැක්මක් තුළ දැනුම,කුසලතා ආකල්ප හා මනෝභාවය මගින් ගොඩනැගෙන සුවපත් ජන සමාජයක් සහ තුළිත පරිසරයක් ස්ථාපිත වනු දැකීම අපගේ අපේක්ෂාවයි.
+94 11-2866601 - 5
අංක 82, “සම්පත්පාය”, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.
info@timco.lk